Monday, December 21, 2009

SBU හමුව ස‍හ අතුරු කථා

19 උදෑසන නුවර දුම්රියපලින් කොළඔ බලා යන සීග්‍ර‍ගාමී දුම්රියට ගොඩවුනේ වසරකට වැඩිකාලයක් ආසාවෙන් කියවූ බොලොග් ස‍ටහන්වල සැබෑ හිමිකරුවන් දැකගැනීමේ නොනිමි ආශාව මුදුන්පත් කරගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්.

උදේ පාන්දර ටිකට් පෝලිමට සෙට් උනත් බොහෝදෙනා කලින් ආසන වෙන් කර තිබූ බැවින් විවෘත ටිකට්පතකින් සෑහීමට පත්වන්නට සිදුවුනා. පියාගේ මිතුරෙකු නිසා මට ආසනයක් හිමිවූ නිසා එතරම් ගැට‍ළුවක් උනේ නැහැ. ඉඳගෙන විනාඩි 5ක් ගියේ නැහැ මෙන්න අඳුරන පොරක් මං ඉස්සරහ‍ට වෙලා දත් කැකුළු පාලා සුරතල් හිනාවක් දාගෙන ඉන්නවා. කවුද මේ ඉතින් කලින් දවසේ ෆෝන් එකෙන් ටිකට් වෙන්කරගැනීමේ වාසනාව ලද (ඒක අපේ අවාසනාව ඇයි ඉතින් ඕක ගත්ත විදිහ කීපාරක් ට්වීට් කරාද?) මලින්ත මලයා. කොහොමහරි අපි දෙන්නා එක්සෙල් වර්ල්ඩ් එක‍ට 10 විතර වෙද්දි ආවා.

කොහොමහරි 11:30 විතර වෙද්දි හමුවෙ වැඩකටයුතු පටන්ගත්තා. කට්ටිය තමතමන් හදුන්වා දෙද්දි ඒ ඒ අයගේ බොලොග් කියවල මෙයා මේ විදිහයි කියල හිතන් හිටපුවා ඇත්ත වෙනකොට, පින්තූර වලින් විතරක් දැකල හිටපු අය හැබැහින් දකිනකොට අමුතු සතුටක් දැනෙන්නේ. මෙතෙන්දි තේරුනු තව දෙයක් තමයි SBU එක කොච්චර පැතිරිලාද කියන එක. මේක බොලොග් 600 කියන සංඛ්‍යාත්මක අගයේ විතරක් නෙවෙයි මෙතන විවිධ වයස් ‍මට්ටම්, සමාජ මට්ටම්, විවිධ විෂය ක්ෂ්‍රේත්‍ර නියෝජනය වෙනවා එතනදියි SBU එකේ වටිනාකම වැඩිවෙන්නේ. තම අදහස් කුමක් වුවද SBU එකේ මූලික නීති වලට එකඟවේනම් Syndiයට ඇතුලත්වීමේ හැකියාව මෙයට බලපාල තියෙනවා. එසේම මෙතෙන්දි පොඩි අඩුවකුත් දැක්කා ඒ SBU එකේ ස්ත්‍රී නියෝජනය අඩුවීම. ලංකාවේ බොහෝ වැඩවලදී මෙන්ම බ්ලොග්කරනයටද ස්ත්‍රී නියෝජනය තරමක් අඩුයි, මෙය ඉදිරියේදි වෙනස්වෙයි කියල හිතනවා. මෙම හමුවට බොලොග් කියවන්නන්ද පැමිණ සිටියා, ඔවුන්ද SBU එකේ කොටස්කරුවන් මොකද කියවන්නන් නොමැතිව බොලොග්හි පැවතීමක් නොමැතිවීමයි. මෙ‍ම අවස්ථාව‍ට සියයකට ආසන්න පිරිසක් සහභාගි වෙලා හිටියා. කාලිංග අයියා ‍ඇතුලු ඇඩ්මින්වරු මේක හොඳට සංවිධානය කරලා තිබුනා. විවිධ යෝජනා තර්ක විතර්ක සමඟින් 1.30 පමණ වෙනකොට රැස්වීමේ වැඩකටයුතු අවසන් වුනා. කොහොමහරි 3.00ට විතර ගත්ත සමූහ ජායාරූපයෙන් පස්සෙ මම, මලින්ත, ඩීප්ස්,මකරා ඇතුඵ නුවර ගැන්සිය එන්න පිටත් උනා.

අද්දන්න විනාඩියක් තියලා මලින්ත කොච්චියට නැග්ගා. ඉතුරු කට්ටිය බස් එකෙන් නුවර එන්න පිටත් උනා. මෙතෙන්දි මකරගෙ නින්දත් අමතක කරන්න බෑ. පොර කොටුවෙන් නිදාගත්තම මාවනැල්ලට එනකන් එක එක ඉරියවුවට හොදට නිදාගත්තා. අපරාදෙ කියන්න බෑ අපි ආපු බස් එකත් පොරට දෙන්න පුලුවන් හැම සපෝට් එකක්ම දුන්නා පැය 4ක්ම හෙමීට නුවර ඇවිත්. ඩීප්ස්ගෙ බ්ලොග් එක කියවල තිබුනට එදා තමයි හම්බඋනේ හැබැයි අපි වෙන්වෙනකොට අවුරුදු ගානක් හදුනන මිතුරන් බව‍ට පත්උනා කිවුවොත් නිවැරදියි. කොහොමහරි 7.30 විතර වෙද්දි මම ගෙදර ආවා.


සමූහ ඡායාරූපය







රැස්වීමේ වීඩියෝපටය










විශේෂ ස්තූතිය කාලිංග අයියා ඔබට........





(ලියන්න හිතේ බොහෝ දේ තිබුනත් යතුරුලියනයේ වේගයත්, වේලාව මදකමත්නිසා කෙටිකිරීමට සිදුවිය)

Thursday, December 17, 2009

දවසේ වැදගත් සිදුවීම්(Events, Appoinments) කෙටිපණිවිඩ (SMS) මගින් ලබාගැනීම (දෙවන කොටස)

මෙහි පළමු කො‍ටස කියවීමට මෙතන කො‍ටන්න.


දැන් calender tab එක click කරන්න.





දැන් එහි ඇති Notifications මත click කරන්න





add reminder මත click කර ලැබෙන Drop Down Menu එකින් අවශ්‍ය පරිදි sms එක ලැබියයුතු වේලාව සකස් කරන්න.
මෙතනදීම ඔබ‍ට අවශ්‍යනම් email මගින්ද මතක්කරීමේ පණිවි‍ඩයක් ලබාගත හැක.





එසේම මෙම tab එක හරහා වෙනත් sms හා email පණිවිඩ ලබාගැනීම පාලනය කල හැක


දැන් Save Click කර සිදුකල වෙනස්කම් ස්ථිර කරන්න.

Wednesday, December 2, 2009

දවසේ වැදගත් සිදුවීම්(Events, Appoinments) කෙටිපණිවිඩ (SMS) මගින් ලබාගැනීම (පළමු කොටස)

මම මේ කථාකරන්න යන සේවාව Google Calender හි එක් පහසුකමක්. මේකට Google Account එකක් ඕන වෙනවා. මේකට ඔබ දැනටමත් භාවිතා කරන Gmail ගිණුමද භාවිතා කල හැක.


පලමුව Google Account එකකින් log වෙන්න.














පසුව ඔබගේ රට සහ වේලා කලාපය (Time Zone) ලබාදෙන්න.




















දැන් ඔබගේ google දින දර්ශනය ලබා‍ගත හැක.

























එහි උඩ දකුණු කෙලවරේ ඇති Settings මත click කරන්නග එවි‍ට පහත පරිදි Settings ‍page එක දිස්වේවි.



දැන් එහි ඇති Mobile Setup තෝරා ගන්න




දැන් ඔබගේ රට තෝරා‍, ඔබගේ ජංගම දුරකථන අංකය ජාත්‍යන්තර ක්‍රමයට (රටේ සංකේත අංකය සමග) ලබාදී Send Verification Code යන්න තෝරාගන්න එවි‍ට ඔබගේ ජංගම දුරකථනයට Google නමින් Verification SMS එකක් පැමිනේවි. එහි ඇති Verification Code එක අදාල ස්ථානයේ ඇතුලත් කර Finish Setup තෝරන්න.




දැන් Save Click කර සිදුකල වෙනස්කම් ස්ථිර කරන්න.



නැවත පැමිනීම

මම සද්දෙ දාල බොලොග් එකක් පටන්ගත්ත‍ට මොකද වැ‍ඩේ හරියට කරගන්න බැරි උනා..
ඒකට හේතු ගොඩක් බලපෑවා.. නමුත් ඒකටත් එක්ක දැන් ලියන්නයි බලාපොරොත්තුව..

ඒකට මම ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා....

Tuesday, November 24, 2009

දේශීය මෙහෙයුම් පද්ධතියක් හන්තාන ලිනක්ස් නමින් එළිදක්වයි.


වසරකට අධික කාලයක් තිස්සේ කෙරුණු අත්හදා බැලීම්වලින් පසු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය දා සම්පූර්ණ කෙරිණි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය දැන් සියලු පරිගණක පරිශීලකයින්ගේ භාවිතය උදෙසා අන්තර්ජාලය ඔස්සේත්, හන්තාන ප්‍රජාවේ ස්වේච්ඡා සම්පත් දායකයින් වෙතිනුත් ලබාගත හැකි ය

හන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?

හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ඇති අයට පවා ඉතා පහසුවෙන් තම පරිගණක වැඩකටයුතු ඉටු කරගැනිමේ අවකාශ විවර කර දීමේ අරමුණින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පාදනය කර තිබේ.

Fedora වෙතින් ලැබෙන සියලු පහසුකම්, මෘදුකාංග හා ගුණාංග සියල්ල හන්තාන පද්ධතිය සතු වෙයි. ඊට අමතර ව කාර්යාලයීය, අධ්‍යාපනික, බහුමාධ්‍ය හා ග්‍රැෆික් අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය මෘදුකාංග ගණනාවක් හන්තාන සමග කෙලින් ම ඔබ වෙත ලැබේ. සාමාන්‍ය PC එනම් i686 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live CD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.

Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. එහෙයින් (MP3 වැනි) ඕනෑ ම බහුමාධ්‍ය අන්තර්ගතයක් සේ ම DVD ආදිය ද කෙලින් ම ධාවනය කිරීමේ පහසුකම හන්තාන සතු ය. හන්තාන බාගැනීමේ දී ඔබට Fedora මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව මෙන් ම RPM Fusion සහ Livna මෘදුකාංග කෝෂ්ටාගාර ද ලැබෙන හෙයින් වෙනත් අමතර පිරියම් කිරීමක් අවශ්‍ය නො වේ. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!

හන්තාන වේගවත් හා සැහැල්ලු ඩෙස්ක්ටොප් පරිසරයක් වන XFCE භාවිත කරන හෙයින් අවම බලයක් සහිත පරිගණකයක් වුව ද වේගවත්ව ධාවනය කිරීමට සමත් වන අතර ඔබේ දෘඪ තැටියේ ඉඩකඩ ද සුරකියි.

හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.


හන්තාන ලිනක්ස්හි ලක්ෂන


CategoryProgramCategoryProgram
Office
OpenOffice Writer
DesktopXFCE
OpenOffice Calc
Education
avogadro
OpenOffice Impress
tuxmath
OpenOffice Base
dia
Planner
Language Support
Sinhala
evince
Tamil
Internet
alpine
kdeedu
empathy
Multimedia
Totem
firefox Gnome player
xchat gxine
Graphics
Blender
Utilities
xchm
Inkscape
unrar
GIMP
unace
Mirage
avant-window-navigator
Development C/C++ catfish
Phython
xfce4-power-manager
Ruby
xfce4-mixer
php
notecase
bluefish
galculator
geany alsa-plugins-pulseaudio
desktop-backgrounds-compat
liveusb-creator
NetworkManager-gnome
pavucontrol
setroubleshoot
xdg-user-dirs

මෙම පහසුකම් සියල්ල හන්තාන ලිනක්ස් ස්ථාපනය කිරීමේදීම ලැබෙන අතර පසුව වෙනත් මෘදුකාංග ස්ථාපනය කල හැක.


හන්තාන ප්‍රජාව

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් ම ප්‍රජා නිෂ්පාදිතයකි. හන්තාන ව්‍යාපෘතිය වටා ගොනු වෙමින් තාක්ෂණික, භාෂාමය හා වෙනත් නානා විධ අංශයන්ගෙන් ස්වේච්ඡා දායකත්වය ලබා දෙන උද්‍යෝගීමත් ප්‍රජාව එහි ප්‍රධානතම ශක්තියයි. හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!

හන්තාන ලිනක්ස් පිළිබඳ ඔබේ ගැටලුවලට විසඳුම් හන්තාන ලිනක්ස් ෆෝරමය හා#hanthana irc චැනලය ඔස්සේ ඉතා ඉක්මනින් ලබාගැනීමට පුළුවන.

වැඩි විස්තර සඳහා දැන් ම ප්‍රධාන හන්තාන ලිනක්ස් වෙබ් අඩෙවිය hanthana.orgපිවිසෙන්න.



තිර දසුන්