Sunday, July 4, 2010

කොළඹ වටේ 3D ලෙස ළඟදීම

දැනට වසරකට පමණ පෙර ලංකාවේ පළමු සිංහල ජංගම දුරකතන ක්‍රීඩාව ලෙස  GTS ආයතනය විසින් එලි දක්වන ලද කොළඹ වටේ  ක්‍රීඩාව 3D මාධ්‍යයෙන් එලිදැක්වීමට සූදානම් වනබව ඔවුන්ගේ වෙබ්අඩවිය දක්වයි. 


මෙම නව සංස්කරණයේ
1. පාලිත පෙරේරාගේ හඬින් ක්‍රීඩාවේ ක්‍රීඩාශීලිබව වැඩිකිරීමට
2. තමන්ට කැමති වාහනයක් තෝරාගැනීමේ හැකියාව ඇතිකිරීමට
3.කොළඹ පරිසරය 3D ආකාරයට දැක්වීමට
4.දෙදෙනෙකුට ක්‍රීඩාකිරීමේ හැකියාව ඇතිකිරීමට
5. සැමදෙනාගේම වැඩිම ලකුණු මතකයේ තබාගැනීමට
සහ තවත් බොහෝ අංග ඇතුලත් කිරීමට මෙහි  නිර්මාපකයෝ සැරසෙති.


මේ පිළිබඳ විස්තර http://games.lk/ මගින් හෝ @colomboride මගින් ලබාගත හැක.



Colombo Ride 3D  Trailer




Sunday, April 25, 2010

සිංහල මිනි බ්ලොග් මැරතන් නිමයි


 ඊයේ රාත්‍රී 8 සිට සාර්ථකව පැය 12 පුරා දිගහැරුනු සිංහල මිනි බ්ලොග් මැරතන් ඉසවුව මෙසේ නිමාවන වගයි.

ගූගල්ගේ සමාජජාල අඩවිය

ශ්‍රී ලංකාවේ සමාජජාල අඩවි කිවුවම මතක් වෙන්නේ මූනුපොතනේ (සමාජජාල අඩවි  නෙමෙයි ලංකාවේ අන්තර්ජාලය කිවුවම මතක්වෙන්නේ මූනුපොත තමා)නමුත් මම මේ කියන්න යන්නේ ගූගල් ආයතනයෙන් පවත්වාගෙන යන සමාජජාල අඩවියක් ගැනයි එය orkut නම්වේ. 


ගිහින්ම බලන්න. http://www.orkut.com

Saturday, April 24, 2010

ලොව ප්‍රථම වෙබ් සර්වරය ගැන දන්නවාද??

මේක තමයි මගේ ප්‍රථම මැරතන් පෝස්ට් එක. පරක්කුඋනාට සමාවෙන්න ඕන මොනවා කරන්නද මට අනිද්දා විභාගක් තියෙනවා නොවැ. පොතක් පතක් බලන්නත් වෙනවානේ.


ලොව ප්‍රථම ඩොමේන් නාමය උනේ http://info.cern.ch/ එය CERN ආයතනයේ NeXT පරිගණකයක 1990දී Tim Berners-Lee විසින් ප්‍රදර්ශනයකට නිපදවන ලදී.



වැඩි විස්තර සඳහා http://info.cern.ch/

ලොව ප්‍රථම වෙබ් පිටුව http://www.w3.org/History/19921103-hypertext/hypertext/WWW/TheProject.html



ප.ලි. : මොකද දන්නෑ අද විස්තර කරලා ලියන්න කම්මැලියි. ටිකකින් විස්තර ඇතිව දාන්නම්..

Monday, April 12, 2010

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්


ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.
මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.
Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

ඔබ කොහොමඳ එක්වෙන්නේ?

Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.
කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න.

ඔබ මොනවද දැනගත යුත්තේ?

සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ. අදාල ඉංග්‍රිසි වදන් තේරුම් ගෙන එය සිංහලින් සරළව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ.
පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!

තනිවද තරග කරන්නේ?

ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.
එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.

සයුරෙන් එහා ඉන්න මම?

ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.
පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි. (දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් සිව් දෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)

දුවන අයට වතුර පාරක් ගහමුද?

ඔබට පරිවර්තන කාර්යයට එක් නොවුනත් මෙම වැඩසටහනට සහාය වීමට කැති නම් පහත දිස්වෙන ලෙස ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ බැජ් එකක් ලෙස දැක්වීමට කාරුණික වන්න.

අදාල කේතය:


එන්න අපහා එක්වන්න.
මෙය සුවිශේෂි ප්‍රජා ව්‍යාපෘතියකට දායකත්වය ලබා දීමට ඔබට ඇති මහගු අවස්තාවකි.

OpenOffice සිංහල ප්‍රජාව -

Tuesday, April 6, 2010

ජාතික රූපවාහිනිය, BIZWEEK හා සභ්‍යත්වය


මම සාමාන්‍යයෙන් දවල් වරුවේ ගෙදර ඉන්නේ නෑ. ඒත් ගොඩදාගන්න අමාරුම විභාගයක් අතලඟ නිසාත්, මේ දවස්වල ඔෆිස් ගියා කියලා කරන්න දේවලුත් නැති නිසාත් ගෙදර ඉඳන් පාඩම් කරන්න හිතාගත්තා (හිතුවා විතරයි හො‍දේ). මට පාඩම්කරනවා කියන්නේ නිකන් මැරෙනවා වගේ වැඩක් ඉතින් මම ඕක කට්කරන්න ක්‍රමයක් හොයාගන්න දැම්මා TV එක පොඩ්ඩක්. මෙන්න බොලේ හෝගාලා බික්නි පිටින් නටනටා සිංදු කියනවා ඒත් පොඩි අමුත්තක් දැක්කා ‍මොකද්ද මේ..

 TV එකේ තිරය උඩින්   ලාංඡනේ තියෙනවා..  BIZWEEK  කියලා වැඩසටහනක් ප.ව. 1 ඉදන් 3 වෙනකන් යනවාලු.

මට රූපවාහිනියේ මොනවා පෙන්නුවත් අවුලක් නෑ. ඒක මට අනවශ්‍යනම් මම වෙනත් චැනලයකට මාරුකරනවා. නමුත් ගැටළුව තියෙන්නේ ඉස්සර (දැනුත් එහෙමයි) අනිත් චැනල් වලට ජාතික රූපවාහිනිය ආදර්ශයකට ගන්න කියලා කිවුවා. ඒ ජාතික රූපවාහිනිය කරන ලද වැඩස‍ටහන් වල ප්‍රමිතිය නිසා. දැනුත් අපි කියන්නේ ඒකමද?? මොකද මම මේ දිනවල මෙවැනි දර්ශන  කිසිම චැනලයක දැක්කේ ඉතාමත් අඩුවෙන් ඒත් ඉස්සර ඉඳලම මෙවැනි දේවල් ගියපු සිංහල නොවන චැනල් කිහිප‍යේ පමණයි. නමුත් ජාතික වටිනාකමක් ඇති රජයට අයත් ජාතික රූපවාහිනියේ මෙලෙස හැසිරීම අනුමත කල යුතුද??
හෙට සිට පාසල් නිවාඩු කාලයයි. ඉතින් පොඩිළමයින් දිවා කාලයේ රූපවාහිනී වටා රොක්වන කාලයයි. ළමයින් මේවා නැරබීම සුදුසුද?

කෝ පහුගිය දිනවල ‍පෞද්ගලික නාලිකා රටේ සදාචාරය විනාශ කරනවා කියූවන්ගේ කටවල් ගොලුවීද??

ප.ලි. : මෙම BIZWEEK නම් වැඩසටහනේ කිසිදු වරදක් නොමැති අතර එය තරුණ පරපුර ඉලක්කකරගත් හොද වැඩසටහනක් විය හැක. නමුත්  එහි සමහර Visuals ජාතික නාලිකාව ලෙස ප්‍රචාරය කිරීම සුදුසු නොවේ යන්න මගේ මතයයි.

Saturday, February 27, 2010

අනිච්චාවත සංඛාරා හිතමිතුරන්ගේ සෝ සුසුම් මැද IE6 ලොවින් සමුගනී.









වසර අටකට වැඩිකලක් අන්තර්ජාලයේ යහතින් ජීවත්වූ Internet Explorer Six හෙවත් අපගේ හිතමිත්‍ර IE6 කැලිෆෝනියාහි මවුන්ටන් විවු හීදී 2010 මාර්තුමස පළමුවෙනිදා අභාවප්‍රාප්ත වේ. ‍මේ සම්බන්ධ අවසන් කටයුතු මාර්තු සිවුවන බ්‍රහස්පතින්දා දින පස්වරු 7ට Forest Room 5, 2532 15th Street, Denver, CO 80211-3902 හිදී පවුලේ හිතමිතුරන් හා ඔහුට ආදරය කලවුන්ගේ සෝ සුසුම් මැද සිදුකෙරේ 


මීට ශෝකයට පත් IE7 පුතා සහ IE8 මිනිබිරී.


මේ පිළිබඳ වැඩි විස්තර http://ie6funeral.com/ මගින් ලබාගත හැක.

Monday, January 18, 2010

පාසල් සිසුන්ට වඩාත් සුදුසු වෙබ් සෙවුම්

පසුගිය දවසක පළාතේ විදුහලක පරිගණක විද්‍යාගාරයක් භාර ගුරුතුමෙක් මගෙන් පොඩි ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම තමයි කුඩා ළමුන්ට සහ පාසල් සිසුන්ට වඩාත් ගැලපෙන වෙබ්අඩවි සොයාගැනීමට උපකාර වන ලෙසයි. මෙතනදී මට කල්පනාකරේ එවැනි වෙබ්අඩවි සොයනවාට වඩා එවැනි වෙබ්අඩවි සෙවුමක් සෙවීම වඩාත් හොඳ බවයි. ඉතින් පුංචි පහේ කට්ටක් කාලා වෙබ් අඩවි ටිකක් හොයාගත්තා. මෙන්න ඒ වෙබ් අඩවි


    1. http://kids.yahoo.com
          මෙය Yahoo! Inc හි කාර්ය මණ්ඩලය විසින් තෝරාගත් වෙබ්අඩවි වලින් යුතුවේ. මෙය වයස් කාණ්ඩ 7-12 වඩාත් ගැලපේ.
    2. http://www.askkids.com/
          මෙ‍ම වෙබ්අඩවි සෙවුම තුල අඩංගු සියලුම වෙබ්අඩවි, සංස්කාරවරයෙකු විසින් පිරික්සා තෝරාගන්නාලද වෙබ්අඩවි වේ.මෙය 6-12 අතර සිසුන්‍ට වඩාත් උචිතය
    3.http://www.super-kids.com/
          ප්‍රාථමික පන්තිවල සිසුන් සඳහා විශේෂයෙන්ම තෝරාගත් වෙබ්අඩවි වලින් පිරි මෙම වෙබ්සෙවුම කුඩා ළමුන්ගේ සිත් වශීකරවන සුලුලෙස නිමවා ඇත.
     4.http://awesomelibrary.org/
          මෙය 1995 ආරම්භකල ව්‍යාපෘතියකි. මෙහි විෂයන් අනුව පෙලගැස්වූ සම්පත් අඩවි 20000කට ආසන්න ප්‍රමාණයකින් යුක්තය. ඕනෑම වයසක සිසුන්ට ප්‍රායෝජනවත්ය.
     5. http://www.rcls.org/ksearch.htm
          ශිෂ්‍ය පර්යේෂණ සඳහා විශිෂ්ට වෙබ් සෙවුම් පිටුවකි.

මීට අමතරව තවත් වෙබ්අඩවි http://searchenginewatch.com/2156191 තුලින් ලබාගත හැක.

      




Friday, January 1, 2010

ලැබුවාවූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!!