Thursday, November 24, 2011

Techකතා යනු කුමක්ද?



http://techkatha.com නැතහොත් Techකතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය.

Techකතා බාවිතා කරන ආකාරය ගැන දැනගැනීමට මෙම පුරුකට යන්න. http://www.techkatha.com/how-to-use

පරිගණක ආශ්‍රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනය, රූපවාහිනිය මෙන්ම නව සන්නිවේදන ක්‍රමෝපායයන් හි පවතින ගැටළු මේ ආකාර බහුවිධ තාක්ෂණ ගැටළුවලින් වත්මන් සමාජයේ විවිධ පිරිස් පෙළෙන බව නොරහසකි. ඇතැමුන් දන්නා බව පෙන්වමින් තවත් අය මුලාවේ හෙළන අතර, නිවැරදි අවබෝධයක් දැක්මක් ලබා ගත නොහැකිවීමෙන් ‍බොහෝ දෙනා තාක්ෂණයෙන් උපරිම ඵල නෙලාගැනීමට නොහැකිව පසුවෙති. අක්‍රමවත් පාඨමාලා හා ලිපි ලේඛන ආශ්‍රයෙන් අසම්පූර්ණ දැනුමක් අසංවිධිත ලෙස සමාජයට ගලා ඒමේ ප්‍රවණතාව බහුල සමයක අපි සිටිමු. Techකතා බිහි වන්නේ තමන්ගේ දැනුම අන් යහපත සඳහා යෙදවීමේ අවශ්‍යතාව ප්‍රබලව දැනුණු එවන් මොහොතක ඇතිවුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි.

වෙබ් අඩවියට එක් කරන ලද මුල් වැඩසටහන් සතියකට වරක් පටිගත කර පරිශීලකයින් හට ලබා දුන් අතර, මාස කිහිපයක් ගතවීමේදී වෙබ් අඩවිය මගින් දියත් කළ චැට් (http://techkatha.com/chat) කාමරයක් තුළට සජීවී අත්දැකීමක් ලබා දෙමින් සාකච්ඡාව සිදුවන මොහොතෙහිම විකාශය ද සිදු කරන්නට කණ්ඩායම කටයුතු කළහ.

Techකතාවල විශේෂත්වය ‍වන්නේ එය සෑම සියලු ආකාරයකින්ම මිත්‍රශීලී ලෙස පරිශීලකයා වෙත ළඟා වීමට කටයුතු කර තිබීමයි. නිදසුන් දක්වතොත් Techකතා වෙත ප්‍රශ්න යොමු කිරීමේදී SMS වැනි පණිවිඩ ක්‍රමවේද හරහා මෙන්ම,  Techකතා වෙබ් අඩවියේ ඇති ආකෘති පත්‍රය පිරවීම මගින්, දුරකථනය මගින්, විද්‍යුත් තැපෑලෙන් (info [at] techkatha.com)  (http://www.techkatha.com/how-to-use/) ද ‍නැතිනම් සජීවී පටිගත කිරිම සුදුවන සෑම සිකුරාදාවකම සවස 9.00 සිට Techකතා චැට් කාමරය හරහා යන ඕනෑම ආකාරයකින් කෙනෙකුට සිය ගැටළු ඉදිරිපත් කළ හැකිය. එහි අනෙක් විශේෂත්වය වන්නේ යුනිකෝඩ් සිංහල භාවිතයෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංග්‍රීසියෙන් සිය ගැටළු ඉදිරිපත් කළ හැකිවීමයි.

භාෂා බාධකය නොතකා හරිමින් සෑම තරාතිරමකම ඕනෑම අයෙකුට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කර දීම කණ්ඩායමේ අරමුණ වන හෙයිනි. එමෙන්ම Techකතා පටිගත කරන ලද වැඩසටහන්, ඉතා අඩු ගුණාත්මක අන්තර්ජාල සබඳතා සඳහා වෙනමම හා පුළුල් පරාස අන්තර්ජාල ‍සේවා භාවිත කරන්නන් සඳහා වෙනමම වශයෙන් වැඩ සටහන් දෙකක් ලෙස ලබා දෙයි. තවද, පරිගණකයක් නැති අයෙකුට හෝ පරිගණකයක් නොමැති ස්ථානයකදී වුවද Techකතා ජංගම දුරකතන වෙබ් අඩවිය (http://m.techkatha.com) ඔස්සේද ජංගම දුරකතන මගින් සවන්දීමට ගැකිය. සමාජයේ සියලු දෙනාට සමීප විය හැකි වන සේ Techකතා ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම නිරන්තරයෙන් සිය අවධානය ‍ යොමු කර සිටී.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ Techකතා කණ්ඩායම කිසිදු මූල්‍යමය ලාභයක් අපේක්ෂාවකින් තොරව  සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන සේවාවක් වීමයි.


Techකතා හා සම්බන්ධ වැදගත් සබැදි


මෙම ලිපියේ මුල් ලිපිය

Thursday, April 14, 2011

සුබ අලුත් අවුරුද්දක් වේවා ....... ! ! !

මෙවර සිංහල දෙමළ අළුත් අවුරුද්ද බත බුලතින් සපිරි සාමය සතුට පිරි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ....... ! ! !

இனிய சித்திரை புத்தாண்டு நல் வாழ்த்துக்கள் உரித்தாகட்டும் .......!!!

Wishing you a Happy prosperous Sinhala & Tamil New Year ...!!!



Sunday, July 4, 2010

කොළඹ වටේ 3D ලෙස ළඟදීම

දැනට වසරකට පමණ පෙර ලංකාවේ පළමු සිංහල ජංගම දුරකතන ක්‍රීඩාව ලෙස  GTS ආයතනය විසින් එලි දක්වන ලද කොළඹ වටේ  ක්‍රීඩාව 3D මාධ්‍යයෙන් එලිදැක්වීමට සූදානම් වනබව ඔවුන්ගේ වෙබ්අඩවිය දක්වයි. 


මෙම නව සංස්කරණයේ
1. පාලිත පෙරේරාගේ හඬින් ක්‍රීඩාවේ ක්‍රීඩාශීලිබව වැඩිකිරීමට
2. තමන්ට කැමති වාහනයක් තෝරාගැනීමේ හැකියාව ඇතිකිරීමට
3.කොළඹ පරිසරය 3D ආකාරයට දැක්වීමට
4.දෙදෙනෙකුට ක්‍රීඩාකිරීමේ හැකියාව ඇතිකිරීමට
5. සැමදෙනාගේම වැඩිම ලකුණු මතකයේ තබාගැනීමට
සහ තවත් බොහෝ අංග ඇතුලත් කිරීමට මෙහි  නිර්මාපකයෝ සැරසෙති.


මේ පිළිබඳ විස්තර http://games.lk/ මගින් හෝ @colomboride මගින් ලබාගත හැක.



Colombo Ride 3D  Trailer




Sunday, April 25, 2010

සිංහල මිනි බ්ලොග් මැරතන් නිමයි


 ඊයේ රාත්‍රී 8 සිට සාර්ථකව පැය 12 පුරා දිගහැරුනු සිංහල මිනි බ්ලොග් මැරතන් ඉසවුව මෙසේ නිමාවන වගයි.