Thursday, November 24, 2011

Techකතා යනු කුමක්ද?



http://techkatha.com නැතහොත් Techකතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය.

Techකතා බාවිතා කරන ආකාරය ගැන දැනගැනීමට මෙම පුරුකට යන්න. http://www.techkatha.com/how-to-use

පරිගණක ආශ්‍රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනය, රූපවාහිනිය මෙන්ම නව සන්නිවේදන ක්‍රමෝපායයන් හි පවතින ගැටළු මේ ආකාර බහුවිධ තාක්ෂණ ගැටළුවලින් වත්මන් සමාජයේ විවිධ පිරිස් පෙළෙන බව නොරහසකි. ඇතැමුන් දන්නා බව පෙන්වමින් තවත් අය මුලාවේ හෙළන අතර, නිවැරදි අවබෝධයක් දැක්මක් ලබා ගත නොහැකිවීමෙන් ‍බොහෝ දෙනා තාක්ෂණයෙන් උපරිම ඵල නෙලාගැනීමට නොහැකිව පසුවෙති. අක්‍රමවත් පාඨමාලා හා ලිපි ලේඛන ආශ්‍රයෙන් අසම්පූර්ණ දැනුමක් අසංවිධිත ලෙස සමාජයට ගලා ඒමේ ප්‍රවණතාව බහුල සමයක අපි සිටිමු. Techකතා බිහි වන්නේ තමන්ගේ දැනුම අන් යහපත සඳහා යෙදවීමේ අවශ්‍යතාව ප්‍රබලව දැනුණු එවන් මොහොතක ඇතිවුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි.

වෙබ් අඩවියට එක් කරන ලද මුල් වැඩසටහන් සතියකට වරක් පටිගත කර පරිශීලකයින් හට ලබා දුන් අතර, මාස කිහිපයක් ගතවීමේදී වෙබ් අඩවිය මගින් දියත් කළ චැට් (http://techkatha.com/chat) කාමරයක් තුළට සජීවී අත්දැකීමක් ලබා දෙමින් සාකච්ඡාව සිදුවන මොහොතෙහිම විකාශය ද සිදු කරන්නට කණ්ඩායම කටයුතු කළහ.

Techකතාවල විශේෂත්වය ‍වන්නේ එය සෑම සියලු ආකාරයකින්ම මිත්‍රශීලී ලෙස පරිශීලකයා වෙත ළඟා වීමට කටයුතු කර තිබීමයි. නිදසුන් දක්වතොත් Techකතා වෙත ප්‍රශ්න යොමු කිරීමේදී SMS වැනි පණිවිඩ ක්‍රමවේද හරහා මෙන්ම,  Techකතා වෙබ් අඩවියේ ඇති ආකෘති පත්‍රය පිරවීම මගින්, දුරකථනය මගින්, විද්‍යුත් තැපෑලෙන් (info [at] techkatha.com)  (http://www.techkatha.com/how-to-use/) ද ‍නැතිනම් සජීවී පටිගත කිරිම සුදුවන සෑම සිකුරාදාවකම සවස 9.00 සිට Techකතා චැට් කාමරය හරහා යන ඕනෑම ආකාරයකින් කෙනෙකුට සිය ගැටළු ඉදිරිපත් කළ හැකිය. එහි අනෙක් විශේෂත්වය වන්නේ යුනිකෝඩ් සිංහල භාවිතයෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංග්‍රීසියෙන් සිය ගැටළු ඉදිරිපත් කළ හැකිවීමයි.

භාෂා බාධකය නොතකා හරිමින් සෑම තරාතිරමකම ඕනෑම අයෙකුට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කර දීම කණ්ඩායමේ අරමුණ වන හෙයිනි. එමෙන්ම Techකතා පටිගත කරන ලද වැඩසටහන්, ඉතා අඩු ගුණාත්මක අන්තර්ජාල සබඳතා සඳහා වෙනමම හා පුළුල් පරාස අන්තර්ජාල ‍සේවා භාවිත කරන්නන් සඳහා වෙනමම වශයෙන් වැඩ සටහන් දෙකක් ලෙස ලබා දෙයි. තවද, පරිගණකයක් නැති අයෙකුට හෝ පරිගණකයක් නොමැති ස්ථානයකදී වුවද Techකතා ජංගම දුරකතන වෙබ් අඩවිය (http://m.techkatha.com) ඔස්සේද ජංගම දුරකතන මගින් සවන්දීමට ගැකිය. සමාජයේ සියලු දෙනාට සමීප විය හැකි වන සේ Techකතා ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම නිරන්තරයෙන් සිය අවධානය ‍ යොමු කර සිටී.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ Techකතා කණ්ඩායම කිසිදු මූල්‍යමය ලාභයක් අපේක්ෂාවකින් තොරව  සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන සේවාවක් වීමයි.


Techකතා හා සම්බන්ධ වැදගත් සබැදි


මෙම ලිපියේ මුල් ලිපිය

12 comments:

dream boy said...

එල එල // අපි හැමදාම බලනවා //

Unknown said...

එල, ඒකෙන් දවසින් දවස එකතුවෙන දැනුම අමිලයි... :D

සියල්ල දත් සීයා said...
This comment has been removed by a blog administrator.
Anonymous said...
This comment has been removed by a blog administrator.
තරහා කාරයා said...

කාලිංගයාගේ තරහා කාරයෝ

hathmaluwa.org
nimnaya.info

කාලිංග ඇතුලත්මුදලි said...

දැන් Techkatha වලට Hits නෑ එකයි මේ ලිපිය දාන්න කිව්වේ.

ප්‍රවින් ඉන්ද්‍රනාම said...

අපේ සිංඩියවත් බලන්නේ නෑ මිනිස්සු හැමෝම යන්නේ ලාංකියටනේ එකත් ලිව්වනම් හොදා

Deepz said...
This comment has been removed by a blog administrator.
රුවන් සමරවීර said...
This comment has been removed by a blog administrator.
Unknown said...

මෙහි කොන්දක් නැති පුද්ගලයින් කිහිගදෙනෙකු ඇනෝ ලෙසින් අසහ්‍ය ලෙද දමන ලද comments කිහිපයක් මකා දමන ලදී. අසභ්‍ය වදන් නොමැති කිහිපයක් තවමත් comments ලෙස පවතින අතර ඒ කිසිදු comment එකක් එහි සැබෑ හිමිකරු විසින් එවන ලද ඒවා නොවන බව සැලකුව මනාය.

iPlus said...

Techකතා කාලයක් හොදට තිබුනා. ඒත් දැන් ඒක එක එක්කෙනාගේ Po$h එක පෙන්නන Po$h දන්සැලැක් වෙලා.
Kalin Gas Blog . com
එකට ගියොත් ඕනෙම කෙනෙකුට Po$h Gas නොමිලේ ගහගෙන එන්න පුලුවන්.

lol

සුපුන් දිසානායක said...

ඔයා නේද අයියේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කියලා කට්ටිය කඩේ ඇරලා අමාරුවේ දාන්නේ ? ඒවා බොරු කියලා ටෙක්කතා කියන නිසා නේ ඔයා බනිනේ. අපිනොදන්න අයිපස්. මමත් කලින් ඔයාගේ බොරු බ්ලොග් එක සිරා කිලා හිතුවේ. පස්සේ අපේ අයියා කෙනෙක් තමයි කිවුවේ ඔයා ලින්ක් දාන්නේ අපිට කියලා ක්ලික් කරවාගෙන ඔයා සල්ලී හොයාගන්න කියලා. ඔයාට හොද නැත්තන් ඔයා ටෙක්කතා අහන්නේ නැතුව ඉන්න. අපිනම් අහනවා හැමදාම.