Tuesday, April 6, 2010

ජාතික රූපවාහිනිය, BIZWEEK හා සභ්‍යත්වය


මම සාමාන්‍යයෙන් දවල් වරුවේ ගෙදර ඉන්නේ නෑ. ඒත් ගොඩදාගන්න අමාරුම විභාගයක් අතලඟ නිසාත්, මේ දවස්වල ඔෆිස් ගියා කියලා කරන්න දේවලුත් නැති නිසාත් ගෙදර ඉඳන් පාඩම් කරන්න හිතාගත්තා (හිතුවා විතරයි හො‍දේ). මට පාඩම්කරනවා කියන්නේ නිකන් මැරෙනවා වගේ වැඩක් ඉතින් මම ඕක කට්කරන්න ක්‍රමයක් හොයාගන්න දැම්මා TV එක පොඩ්ඩක්. මෙන්න බොලේ හෝගාලා බික්නි පිටින් නටනටා සිංදු කියනවා ඒත් පොඩි අමුත්තක් දැක්කා ‍මොකද්ද මේ..

 TV එකේ තිරය උඩින්   ලාංඡනේ තියෙනවා..  BIZWEEK  කියලා වැඩසටහනක් ප.ව. 1 ඉදන් 3 වෙනකන් යනවාලු.

මට රූපවාහිනියේ මොනවා පෙන්නුවත් අවුලක් නෑ. ඒක මට අනවශ්‍යනම් මම වෙනත් චැනලයකට මාරුකරනවා. නමුත් ගැටළුව තියෙන්නේ ඉස්සර (දැනුත් එහෙමයි) අනිත් චැනල් වලට ජාතික රූපවාහිනිය ආදර්ශයකට ගන්න කියලා කිවුවා. ඒ ජාතික රූපවාහිනිය කරන ලද වැඩස‍ටහන් වල ප්‍රමිතිය නිසා. දැනුත් අපි කියන්නේ ඒකමද?? මොකද මම මේ දිනවල මෙවැනි දර්ශන  කිසිම චැනලයක දැක්කේ ඉතාමත් අඩුවෙන් ඒත් ඉස්සර ඉඳලම මෙවැනි දේවල් ගියපු සිංහල නොවන චැනල් කිහිප‍යේ පමණයි. නමුත් ජාතික වටිනාකමක් ඇති රජයට අයත් ජාතික රූපවාහිනියේ මෙලෙස හැසිරීම අනුමත කල යුතුද??
හෙට සිට පාසල් නිවාඩු කාලයයි. ඉතින් පොඩිළමයින් දිවා කාලයේ රූපවාහිනී වටා රොක්වන කාලයයි. ළමයින් මේවා නැරබීම සුදුසුද?

කෝ පහුගිය දිනවල ‍පෞද්ගලික නාලිකා රටේ සදාචාරය විනාශ කරනවා කියූවන්ගේ කටවල් ගොලුවීද??

ප.ලි. : මෙම BIZWEEK නම් වැඩසටහනේ කිසිදු වරදක් නොමැති අතර එය තරුණ පරපුර ඉලක්කකරගත් හොද වැඩසටහනක් විය හැක. නමුත්  එහි සමහර Visuals ජාතික නාලිකාව ලෙස ප්‍රචාරය කිරීම සුදුසු නොවේ යන්න මගේ මතයයි.

5 comments:

Roshanherath said...

ටීවී එකක් බලපු කාලයක් මතක නෑ. අපේ ගෙදර ටීවී එක තවම ඇති මං හිතන්නෙ.. මතක් උනොත් බලලා කොහොමද කියන්නම් වැඩසටහන..

Word Verification අයින් කරන්න

Unknown said...

@Roshan බලන්න බලන්න
ඔන්න Word Verification අයින් කරා

KAS said...

ඇයි මොකක්ද තියෙන ප්‍රශ්නේ. මේව රූපවාහිනියේ දාන එක වරදක් වෙන්නේ කොහොමද,

මම හැමදාමත් කියනවා, ලිංගිකත්වය කියන එක අපේ පැරණි සමාජයේ බොහොම විවෘත දෙයක්. සීගිරියේ ච්ත්‍ර වලිනුත් වෙනත් නොයෙකුත් සිතුවම් වලිනුත් මේක හොදට පැහැදිලි වෙනවා. අපි බලෙන් පටවගත්ත වික්ටෝරියානු සම්ප්‍රදාය නිසයි මේ විදිහට අපි ලිංගිකත්වයට බය වෙලා ඉන්නෙ.

සජීව විජේවීර said...

අර පහුගිය දවස්වල ඒකෝන් කියලා ගායකයකුගේ ගීතයක් ගැන ලොකු ආන්දෝලනයක් ගියානේ. ඒ ගීතයේ බුදු පිළිමයක් ඉදිරිපිට අඩනිරුවතින් නටන කාන්තාවන් ගැන පුල පුලා කියපු ජාතිකයැයි කියාගන්නා දෙවැනි නාලිකාවේ ඒ සින්දුව මීට මාස තුනකට පෙර විකාශය වුනා. දැන් ඒක එයාලට මතක නැහැ.

Unknown said...

@KAS

මිතුර මම ලිංගිකත්වයට බය වෙලා නෙමෙයි මේ පෝස්ට් එක දාලා මට කියන්න ඕනෙ උනේ වෙනත් නාලිකා මේවා ප්‍රචාරය කරද්දී බැනපු අයම මේවා ප්‍රචාරය කිරීමයි

@සජීව
ඒක ඇත්ත