උදේ පාන්දර ටිකට් පෝලිමට සෙට් උනත් බොහෝදෙනා කලින් ආසන වෙන් කර තිබූ බැවින් විවෘත ටිකට්පතකින් සෑහීමට පත්වන්නට සිදුවුනා. පියාගේ මිතුරෙකු නිසා මට ආසනයක් හිමිවූ නිසා එතරම් ගැටළුවක් උනේ නැහැ. ඉඳගෙන විනාඩි 5ක් ගියේ නැහැ මෙන්න අඳුරන පොරක් මං ඉස්සරහට වෙලා දත් කැකුළු පාලා සුරතල් හිනාවක් දාගෙන ඉන්නවා. කවුද මේ ඉතින් කලින් දවසේ ෆෝන් එකෙන් ටිකට් වෙන්කරගැනීමේ වාසනාව ලද (ඒක අපේ අවාසනාව ඇයි ඉතින් ඕක ගත්ත විදිහ කීපාරක් ට්වීට් කරාද?) මලින්ත මලයා. කොහොමහරි අපි දෙන්නා එක්සෙල් වර්ල්ඩ් එකට 10 විතර වෙද්දි ආවා.
කොහොමහරි 11:30 විතර වෙද්දි හමුවෙ වැඩකටයුතු පටන්ගත්තා. කට්ටිය තමතමන් හදුන්වා දෙද්දි ඒ ඒ අයගේ බොලොග් කියවල මෙයා මේ විදිහයි කියල හිතන් හිටපුවා ඇත්ත වෙනකොට, පින්තූර වලින් විතරක් දැකල හිටපු අය හැබැහින් දකිනකොට අමුතු සතුටක් දැනෙන්නේ. මෙතෙන්දි තේරුනු තව දෙයක් තමයි SBU එක කොච්චර පැතිරිලාද කියන එක. මේක බොලොග් 600 කියන සංඛ්‍යාත්මක අගයේ විතරක් නෙවෙයි මෙතන විවිධ වයස් මට්ටම්, සමාජ මට්ටම්, විවිධ විෂය ක්ෂ්‍රේත්‍ර නියෝජනය වෙනවා එතනදියි SBU එකේ වටිනාකම වැඩිවෙන්නේ. තම අදහස් කුමක් වුවද SBU එකේ මූලික නීති වලට එකඟවේනම් Syndiයට ඇතුලත්වීමේ හැකියාව මෙයට බලපාල තියෙනවා. එසේම මෙතෙන්දි පොඩි අඩුවකුත් දැක්කා ඒ SBU එකේ ස්ත්‍රී නියෝජනය අඩුවීම. ලංකාවේ බොහෝ වැඩවලදී මෙන්ම බ්ලොග්කරනයටද ස්ත්‍රී නියෝජනය තරමක් අඩුයි, මෙය ඉදිරියේදි වෙනස්වෙයි කියල හිතනවා. මෙම හමුවට බොලොග් කියවන්නන්ද පැමිණ සිටියා, ඔවුන්ද SBU එකේ කොටස්කරුවන් මොකද කියවන්නන් නොමැතිව බොලොග්හි පැවතීමක් නොමැතිවීමයි. මෙම අවස්ථාවට සියයකට ආසන්න පිරිසක් සහභාගි වෙලා හිටියා. කාලිංග අයියා ඇතුලු ඇඩ්මින්වරු මේක හොඳට සංවිධානය කරලා තිබුනා. විවිධ යෝජනා තර්ක විතර්ක සමඟින් 1.30 පමණ වෙනකොට රැස්වීමේ වැඩකටයුතු අවසන් වුනා. කොහොමහරි 3.00ට විතර ගත්ත සමූහ ජායාරූපයෙන් පස්සෙ මම, මලින්ත, ඩීප්ස්,මකරා ඇතුඵ නුවර ගැන්සිය එන්න පිටත් උනා.
අද්දන්න විනාඩියක් තියලා මලින්ත කොච්චියට නැග්ගා. ඉතුරු කට්ටිය බස් එකෙන් නුවර එන්න පිටත් උනා. මෙතෙන්දි මකරගෙ නින්දත් අමතක කරන්න බෑ. පොර කොටුවෙන් නිදාගත්තම මාවනැල්ලට එනකන් එක එක ඉරියවුවට හොදට නිදාගත්තා. අපරාදෙ කියන්න බෑ අපි ආපු බස් එකත් පොරට දෙන්න පුලුවන් හැම සපෝට් එකක්ම දුන්නා පැය 4ක්ම හෙමීට නුවර ඇවිත්. ඩීප්ස්ගෙ බ්ලොග් එක කියවල තිබුනට එදා තමයි හම්බඋනේ හැබැයි අපි වෙන්වෙනකොට අවුරුදු ගානක් හදුනන මිතුරන් බවට පත්උනා කිවුවොත් නිවැරදියි. කොහොමහරි 7.30 විතර වෙද්දි මම ගෙදර ආවා.
සමූහ ඡායාරූපය
රැස්වීමේ වීඩියෝපටය
විශේෂ ස්තූතිය කාලිංග අයියා ඔබට........
(ලියන්න හිතේ බොහෝ දේ තිබුනත් යතුරුලියනයේ වේගයත්, වේලාව මදකමත්නිසා කෙටිකිරීමට සිදුවිය)
8 comments:
hodai . . hodai . ..
අපිත් එන්නංකො ලබන පාර.....
@ සුභාෂ්
:D
@ ගිරි දේශයේ සිංහලයා
අනිවාර්යෙන්ම ඊළග පාර සහභාගිවෙන්න :D
අනිවා ලබන පාර ඒනවා
@ වැප්
අනිවා අපි ලබනපාර සෙට්වෙමු...D
labana paara kalinma date eka fix karanna kiyamu neda???
ඔවු මාස කිහිපයකට කලින් දිනයක් වෙන්කරගමු..
ශෝක් ශෝක්...
Post a Comment